Saturday, September 17, 2011
Thursday, June 16, 2011
study leave..
මේ ගතවෙන්නෙ සබරගමුවෙ අපෙ අධ්‍යයන නිවාඩු කාල සීමාව. මේ දිනවල අපි හැමෝම ගැවසෙන තැනක්නෙ රීඩිම. මේ සංකල්පනාව අපට මුණගැහෙන්නෙ සබරෙ රීඩිමෙන්..
හාගල වුනත් දන්නව ආදරේ හැටී
රීඩිම ලගදි නුබ හිනැහී ගියොත් ඇතී....
හාගල වුනත් දන්නව ආදරේ හැටී
රීඩිම ලගදි නුබ හිනැහී ගියොත් ඇතී....
Tuesday, February 22, 2011
සිටි නිසාද ඈ - මා සමගින් මෙතුවක්...
Friday, January 28, 2011
Friday, December 17, 2010
චූටි දූ
කළුවරට එක්කාසු වුන රතු පාට ඉර එළිය මැදින් ගේ කුරල්ලෝ උන්ගෙ ගෙවල් හොයාගෙන මහ කළබලෙන් වගේ යනව. හරියට මේ දැන් ගෙවල් මතක්වෙලා වගෙයි. වෙලට ආව ගිරවුන්ගෙත් දැන් වැඩි සද්දයක් නෑ. උනුත් එකා දෙන්න කැදලි වලට යන්න යනව. කොහොම වුනත් ඉස්සර මේ වෙලාවට පුදුම ලස්සනක් තිබුණ. මට මතකයි චූටි දූයි මායි මෙතනටවෙලා වී කන්න ආපු ගිරවුන්ගෙ දාන්ගලේ දිහා බලා ඉන්නව. මමත් එකපාරට උන් එළවන්න යන්නෙ නෑ. චූට් දූ හරිම ආසයි හැමදාම මෙතනටවෙලා ඔහේ කියව කියව වෙල දිහා බලා ඉන්න. ඒ ගමන් මගෙන් අහනව ගිරවුන්ගෙ කට රිදෙන්නෙ නැද්ද කියල. කෙල්ල දන්නෙ නෑ ඒකිගෙ කටත් ගිරවුන්ට දෙවනි නෑ කියල. මට මතකයි ඒ දවස්වල මුළු ගේම පිරිල කෙල්ලගෙ කතාවෙන්. කෙල්ල ලොකු ළමයෙක් වුනා කියල ඒකිගෙ හුරතලේ අඩුවුනේ නෑ.
ඒත් කාලය ගෙවිල ගිහිල්ල දූ විභාගෙ පාස් වෙලා විශ්වවිද්යාුලට ගිය දවසෙ අපි සතුටු වුනාට වඩා දුක් වුනා. කෙල්ල මාව බදාගෙන ඇඩුවා නතරවෙන්න බෑ කියල. මට කෙල්ල අරන් එන්න හිතුනත් ජීවිතයට මූණ දෙන්න ඕන නිසා කදුළු හංගගෙන එන්න ආව. ඒත් ඩිංග එහා මෙහා වෙන්න බෑ, කෙල්ල ගෙදර දුවන් එනව. එදාට ඉතිං ගෙදර මගුල් ගේ වගේ තමයි. දූගෙ අම්මටත් එදාට වෙන දේක නිනවුවක් නෑ. උන්දැ කියනව කෙල්ල දැන් තවත් හැඩවෙලා කියල.
කොහොම හරි කෙල්ල ගිහින් දැනට අවුරුදු දෙකක් විතර වෙනව. කෙල්ලට ඉස්සර වගේ දැන් ගෙදර එන්න වෙන්නෙ නෑ, වැඩ වැඩිලු. අපට ඉතිං ඕව තේරෙන එකක් යෑ.
දැන් ඒ කාලෙ වගේ ගිරවුන්ගෙත් සද්දයක් නෑ. උන්ටත් පාළු ඇති මයෙ හිතේ. ඒකට ගේක දොරක නිනවුවක් නැති රැහැයියෙක් මට මෙතනින් යන්න කියන්න වගේ තොර තෝංචියක් නැතුව කෑ ගහන්න අරගෙන. අඹ ගහේ පහළ අත්තකට වෙලා යන්න අමතක වෙච්ච ගිරිවු ජෝඩුවක් තනියම කතාවක. උන්ට රෑ වුණ බවක්වත්, මම මෙතන ඉන්න බවක්වත් නිනවුවක් නෑ. උන්දැගෙ ඇස්වල කදුළු. ගම්මු චූටි දූ ගැන මොනවද කතාවෙලා. ඒ කොහොම වුනත් මට මගෙ කෙල්ල විස්වාසයි. ඒකි මගෙ අතේ හැදුන කෙල්ල. ඒත් මට බයයි. ඒකි තාම පොඩි එකී...
TOPEE
(සංහිද)
Wednesday, September 8, 2010
උපන්දින සාදය..
අපි මේ ගෙවන අවුරුදු හතර තුළ අපට මුහුණ දෙන්නට සිදුවෙන අත්දැකීම් බොහොමයි.විවිධ ගම් ප්‍රදේශ වලින්,විවිධ පවුල් පසුබිම් වලින් ආව අපි, මුහුවෙලා විවිධ වූ අධ්‍යාපනික වගේම බාහිර වැඩවලට සම්බන්ධවෙලා වැඩකරන එකම අපට,අපේ ජීවිත වලට ලැබුනු වටිනා අවස්ථාවක්.
2010.06.07 දිනය මටත්,මගෙ බැචාලටත් ඒ තරම් වැදගත් දිනයක් වුනේ නෑ.මේ දවස ගෙවුනෙත් වෙනද වගේම දේශන ශාලාවලම තමියි.ඒත් මේ දවස මගේ එක යාළුවෙකුට විෙශ්ෂ දවසක්.ඒ උපන් දිනය.අපිත් ඉතිං වත්කමේ හැටියට පිංකම කියල පොඩි party එකක් set කලා.මේ තියෙන්නෙ...
මේ තියෙන්නෙ අපෙ යාළුවගෙ birthday cake එක..
වැඩ ඹක්කෝම අහවර වෙලා අපි යන්න යනකොට අපෙ යාළුව කිවුව,
මට මගෙ campas ජීවිතේ අමතක නොවෙනම දවස මේක වේවි.මම උදේ ඉදල හිටිය, මට කවුරුත්ම සුභ පැතුවෙ නෑ.මම ඉතින් මගෙ උපන් දිනෙ කියල කාටවත් කිවුවෙත් නෑ..

Tuesday, September 7, 2010
දන්නවද මෙහි උපත ?
Sunday, August 29, 2010
කඩුව ??
විහිළුව, කඩුව
ඇන්නා පපුවටම
පිරිසිදුයි කඩුව
සුන්දරයි වටපිටාව
එතකොට ලේ ??
(ටොපී) (සිංහරාජ පිරිමි නේවාසිකාගාරය)
මේ අමුතුම විදිහෙ සිතුවිල්ලක්.මේ වගේ සිතුවිලි හැමෝටම පහළවෙන්නෙ නෑ.මම මේ සටහන්කරගත්තෙ සිංහරාජ පිරිමි නේවාසිකාගාරයේ ඒක් බිත්තියකින්.කවුරුත් දන්නවද මේ කවියෙ තේරුම ? නෑ මම හිතන්නෙ නෑ,කෙනෙකුට තේරුම් ගන්න පහසු වෙයි කියල.
මම ආරාධනා කරනව සොයන්නට මෙහි අරුත. ඒ ඔබට හැගෙන පරිදි..
උපන්දින තිළිණය..
කෙනෙක්ට තමන්ගෙ උපන් දිනය දවසට, ඒ කියන්නෙ තමන්ගෙ අම්ම ජීවිතය නැමැති උතුම් තෑග්ග තමන්ට දුන්නු දවසට තමන්ගෙ ලගින්ම ඉන්න තමන්ගෙම අය තමන්ට සුභ උපන්දිනයකට සුභ පතනව.තෑගි බෝග එහෙමත් එදාට ලැබෙනව. ඒත් අපට එදාට ලැබෙන සමහර තෑගි දෙවෙනි වෙන්නෙ තමන්ගෙ අම්ම දුන්නු ඒ උතුම් තෑග්ගට විතරයි.
මේ එහෙවු තිළිණයක් වෙනුවෙන් පබැදුනු සරසවි සිතුවිල්ලක්..
යන එන මග
මට තනියට
සිනා සිසී ඔබ ආවට..
රෑ තුන්යම දකින සොදුරු
හදේ හීන හැංගුවාට..
හදේ පිරුණු මගෙ සෙනෙහස
කියාගන්න බැරිවුණාට..
මං කොහොමද දුරස් වෙන්නෙ
මගේම වුණූ හිතත් එක්ක...
(......විසින්.......වෙත)

Thursday, August 26, 2010
සරසවි සිතුවිලි ස්තුතිය..
මා දැනට ටික කාලයක සිට සරසවි සිතුවිලි තුළින් ඔබට,ඔබගේ මනසට කතාකරනව.වසර හතරක සරසවි දිවියෙහි සැබෑ යතාර්ථය ඔබ ඉදිරියේ ගෙනහැර පෑමට මා දරන උත්සහයට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය ලබාදුන් රුකුල මා සිහිපත් කරනුයේ ඉතාමත් සතුටින්.ඒ වගේමයි මම ලක්සර රේඩියෝ වෙබ් අඩවිය සිහිපත් කරනුයෙත්.ලක්සර යනු ප්‍රවීන මාධ්‍යවේදී ඉන්ද්‍රසිරි සුරවීරයන්ගේ තවත් එක් නිර්මාණශීලී මාධ්‍ය මෙහෙවරකි.ලක්සර,ඔබට සරසවි සිතුවිලි ස්තුතිය.
Thursday, August 12, 2010
දේශයේ අභිමානය සොයා යන ගමනේ.. සිංහාවලෝකනය..
මම දැනට සරසවි සිතුවිලි ලියන්න අරන් අවුරුද්දකටත් ආසන්න කාලයක් වෙනව.මම මේ තුළින් උත්සහ කරනව සරසවි තුළ වසර හතරක් කොටුවෙලා උසස් අධ්‍යපනය හදාරන මේ මිනිසුන් ගැන කතාකරන්න,ඒ මිනිසුන්ගෙ සිත්වල නලියන දේවල් බාහිර ලෝකයට දෙන්න.මම හිතනව මම දැනට යම්තාක් දුරට සාර්ථකයි කියල.ඒ අතරම මට හිතුන මේ වගේ දෙයකුත්.ඒ තමයි,මේ පුංච් ලංකාවෙ සමහර දේ තියෙනව කිසිකෙනෙක් නොදන්න.හැබැයි ඉතාමත් ඉහළ වටිනාකම් වලින් යුක්ත දේවල්.මම විනෝදාංශයක් විදියට කරන දෙයක් තමයි ලංකාවෙ ඓතිහාසික වැදගත්කමක් ඇති දේ ගැන හොයන එක.මම ඒ දේට ගොඩක් ඇලුම් කරනව.
මට මීට සතියකට විතර උඩදි ඉතාමත් වටිනා අවස්ථාවකට සම්බන්භ වෙන්න පුළුවන්වුනා.ඒ ගම්මඩු ශාන්තිකර්මයක්.ඒ කඩවත ප්‍රදේශයෙ පුංචි ගමක.මුළු රත්‍රිය පුරාවටම රගදැක්වුණු මේ කටයුත්ත අවසන්වෙලා පාන්දර යාමයෙ මට ඉතාමත් දුර්ලභ ඒ වගේම වැදගත් අවස්ථාවක් හිමිවුනා.මට දේවාලෙ කපුමහත්මයෙක් සමග කතාබහ කරන්න අවස්ථාවක් ලැබුන.ඒ කතාබහින් අනතුරුව මට ගොඩක් ලොකු අභීමානයක් ඇතිවුනා මගේ රට ගැන.ඒ දෙයින් මම තේරුම් ගත්තෙ අපි නොදන්න,කොයිතරම් වටිනා දේවල් තියෙනවද අපි අතරෙම.ඉතින් මම හිතුව මම මට පුළුවන් ප්‍රමාණයකට මේ දේවල් වලට යමක් කරනව කියල.ඒ නිසාම මම තවත් blog එකක් ලියන්න හිතුව.ඒකට මම නම තිබ්බෙ,සිංහාවලෝකනය කියල.අද ඉදන් ඔබටත් පුළුවන් http://www.sinhawalokanaya.blogspot.com/ හරහා ඒ වගේ දේවල් දකින්න,කියවන්න.අපි අපේ දේ ලෝකයට කියමු..