Thursday, August 12, 2010

දේශයේ අභිමානය සොයා යන ගමනේ.. සිංහාවලෝකනය..

මම දැනට සරසවි සිතුවිලි ලියන්න අරන් අවුරුද්දකටත් ආසන්න කාලයක් වෙනව.මම මේ තුළින් උත්සහ කරනව සරසවි තුළ වසර හතරක් කොටුවෙලා උසස් අධ්‍යපනය හදාරන මේ මිනිසුන් ගැන කතාකරන්න,ඒ මිනිසුන්ගෙ සිත්වල නලියන දේවල් බාහිර ලෝකයට දෙන්න.මම හිතනව මම දැනට යම්තාක් දුරට සාර්ථකයි කියල.ඒ අතරම මට හිතුන මේ වගේ දෙයකුත්.ඒ තමයි,මේ පුංච් ලංකාවෙ සමහර දේ තියෙනව කිසිකෙනෙක් නොදන්න.හැබැයි ඉතාමත් ඉහළ වටිනාකම් වලින් යුක්ත දේවල්.මම විනෝදාංශයක් විදියට කරන දෙයක් තමයි ලංකාවෙ ‍‍ඓතිහාසික වැදගත්කමක් ඇති දේ ගැන හොයන එක.මම ඒ දේට ගොඩක් ඇලුම් කරනව.
මට මීට සතියකට විතර උඩදි ඉතාමත් වටිනා අවස්ථාවකට සම්බන්භ වෙන්න පුළුවන්වුනා.ඒ ගම්මඩු ශාන්තිකර්මයක්.ඒ කඩවත ප්‍රදේශයෙ පුංචි ගමක.මුළු රත්‍රිය පුරාවටම රගදැක්වුණු මේ කටයුත්ත අවසන්වෙලා පාන්දර යාමයෙ මට ඉතාමත් දුර්ලභ ඒ වගේම වැදගත් අවස්ථාවක් හිමිවුනා.මට දේවාලෙ කපුමහත්මයෙක් සමග කතාබහ කරන්න අවස්ථාවක් ලැබුන.ඒ කතාබහින් අනතුරුව මට ගොඩක් ලොකු අභීමානයක් ඇතිවුනා මගේ රට ගැන.ඒ දෙයින් මම තේරුම් ගත්තෙ අපි නොදන්න,කොයිතරම් වටිනා දේවල් තියෙනවද අපි අතරෙම.ඉතින් මම හිතුව මම මට පුළුවන් ප්‍රමාණයකට මේ දේ‍වල් වලට යමක් කරනව කියල.ඒ නිසාම මම තවත් blog එකක් ලියන්න හිතුව.ඒකට මම නම තිබ්බෙ,සිංහාවලෝකනය කියල.අද ඉදන් ඔබටත් පුළුවන් http://www.sinhawalokanaya.blogspot.com/ හරහා ඒ වගේ දේවල් දකින්න,කියවන්න.අපි අපේ දේ ලෝකයට කියමු..

0 comments:

Post a Comment

 
^ ඉහලට යන්න ක්ලික් කරන්න